ඔබ සමීප තාක්ෂණික ක්ෂේත්‍රයේ විවිද වර්ගීකරණයන් සහ පෙලගැස්වීම් ගැන පසුගිය ලිපි වලින් අප ඔබව දැනුවත් කලා..
මෙවරත් අප ඔබ වෙත ගෙන එන්නේ පරිගණක සදහා ප්‍රති වෛරස් මෘදුකාංග තෝරාගැනීමේදී හොද මට්ටමේ මෘදුකාංගයක් තෝරා ගැනීම සදහා ඔබට වැදගත් විය හැකි ලෝකයේ විවිද තාක්ෂණික වෙබ් අඩවි සහ විවිද ආයතන මගින් සිදුකල ප්‍රති-වෛරස් මෘදුකාංග (anti-virus software) වර්ගීකරණ කීපයක සාරාංශ කීපයක්...
Wolrd Best Top 10 Anti-Virus Softwares in 2016
virus guard තෝරාගැනීමේදී ඔබගේ පරිගණකයේ තත්වය අනුව එය තෝරා ගන්න..ඔබේ පරිගණකයේ processor speed එක සහ ram මතකයේ ප්‍රමාණය පිළිබද ඔබ සැලකිලිමත් විය යුතුමයි ..මන්දයත් ඔබ කොතරම් හොද මට්ටමේ මෘදුකාංග තොරාගත්තත් ඔබගේ පරිගණකය එමගින් මන්දගාමී වීම හෝ නිසි ආකාරයට ක්‍රියාත්මක නොවේ නම් එයින් කිසිදු ප්‍රයෝජනයක් සිදුවන්නේ නෑ. .උදාහරණයක් ලෙස,ඔබගේ පරිගණකය pentium 4/DDR1 හෝ SD ram පවතින පරිගණයක් නම් ඔබ කොතරම් හොද මට්ටමේ වෛරස් ගාඩ් යෙදුවත් එයින් පලක් වෙන්නේ නෑ .හේතුව නම් සියලු වෛරස් ගාඩ් නිෂ්පාදනය වෙන්නේ වර්තමානයේ භාවිත වන සාමාන්‍ය මට්ටමේ පරිගණක සදහා බැවිනුයි ..ඔබ කොතරම් පැරණි පරිගනකයකට කෙසේ හෝ මෘදුකාංගය ඇතුලත් කලත් ඔබ අපේක්ෂා කරන කාර්යය එම මෘදුකාංගය ඉටු නොකරාවි...
විවිද ආයතන සහ විවිද වෙබ් අඩවි වල පෙලගැස්වීම් සසදන විට යම් මට්ටමක එකිනෙකට පරස්පර බවක් දකින්නට පුළුවන්.හේතුව ඔවුන් එම වර්ගීකරණයන් සිදු කරන්නේ විවිද නිර්ණායක අනුව වීමයි.එක ආයතනයක් වෛරස් වැඩසටහන් වැඩි ප්‍රමාණයකට ප්‍රතිරෝදී වැඩසටහන් අනුව ඔවුන්ගේ ලැයිස්තුව සකස් කරද්දී තවත් පිරිසක් පරිගණකයේ වේගයෙන් ක්‍රියාත්මක වන පරිගණකයේ අනෙකුත් ක්‍රියාවන්ට බදා නොකරන වෛරස් ගාඩ් අනුව ඔවුන්ගේ ලැයිස්තුව පෙලගවිය හැකියි ..එසේ බැලුවිට එක් සමීක්ෂණයක ප්‍රථමයා වන මෘදුකාංගයක් අනෙක් සමීක්ෂණයේ ප්‍රථමයා නොවෙන්නට හැකියි..එසේ වන විට ඔබ සැලකිලිමත්ව බැලිය යුත්තේ ඔවුන් එම සමීක්ෂණය සදහා පාදක කරගත් නිර්නායකයන් පිලිබදවයි.
නිසිලෙස පරිගණක ක්ෂේත්‍රය නොදන්නා, ඒ පිළිබද යාවත්කාලින නොවන ,සුළු දැනුමක් මහා සාගරයක් ලෙස හුවා දක්වන මුදල ඉපයීම මුලික කරගත් පිරිස් ඔබව ඔවුන්ගේ වෙළද ගැට වලට හසු කරගැනීමට පෙර ඔබ දැනුවත්වීම වඩාත්ම යෝග්‍ය වනු ඇති...
..........................................................................................................................................................................................
ලොව ප්‍රසිද්ධ තාක්ෂනික වෙබ් අඩවියක් වන pcmug.com අඩවියට අනුව ප්‍රමුඛ පෙලේ ප්‍රති වෛරස් මෘදුකාංග වල ගුන මෙලෙස දක්වා තිබෙනවා.ඒ යටතට On-Demand Malware Scan,On-Access Malware Scan,Website Rating,Malicious URL Blocking,Phishing Protection,Behavior-Based Detection,Vulnerability Scan යන ගුණ පාදක කරගෙන තිබෙනවා .එය මෙසේයි ...
ඒ අනුව ඉහත ගුණාංග සියල්ල අත්කරගෙන තිබෙන ප්‍රති වෛරස් මෘදුකාංගය kasperskey internet security මෘදුකාංගයයි .
http://www.toptenreviews.com වෙබ් අඩවියට අනුව ප්‍රථම ස්ථානය bitdefender ලබා ගනිද්දී දෙවන ස්ථානය kasperskey දිනාගෙන තිබෙනවා .එහි සමීක්ෂණ ප්‍රතිපල මෙසේයි ..
මෙහිදී පළමු සහ දෙවන ස්ථාන ලබාගත් වෛරස් ගාඩ් දෙකටම වෛරස් හදුනාගැනීම සහ ඉවත්කිරීම යටතේ සමාන ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තිබෙන අතර අලෙවියෙන් පසු සේවාව සදහා bitdefender ,kasperskey,norton යන මෘදුකාංග සමාන ලකුණු ප්‍රමානයකුයි ලබාගෙන තිබෙන්නේ .
http://www.toptenreviews.com වෙබ් අඩවියට අනුව ප්‍රථම ස්ථානය bitdefender ලබා ගනිද්දී දෙවන ස්ථානය kasperskey දිනාගෙන තිබෙනවා .එහි සමීක්ෂණ ප්‍රතිපල මෙසේයි ..
මෙහිදී පළමු සහ දෙවන ස්ථාන ලබාගත් වෛරස් ගාඩ් දෙකටම වෛරස් හදුනාගැනීම සහ ඉවත්කිරීම යටතේ සමාන ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තිබෙන අතර අලෙවියෙන් පසු සේවාව සදහා bitdefender ,kasperskey,norton යන මෘදුකාංග සමාන ලකුණු ප්‍රමානයකුයි ලබාගෙන තිබෙන්නේ .
අපව අමතන්න 070 2 674 384
ලියන්න pentechtechnologies@gmail.com
පිවිසෙන්න www.twitter.com/pentechit
www.facebook.com/pentechit
www.pentechcom.blogspot.com
අපගේ මිලගණන් සහ නව යාවත්කාලීන කිරීම්,විශේෂ දීමනා නොමිලේම ඔබේ දුරකතනයට කෙටි පනිවිඩ මගින් ලබා ගැනීමට FOLLOW PENTECIT ලෙස සදහන් කර 40404 ට කෙටි පණිවිඩයක් යවන්න.