Saturday, August 12, 2017

Populer games

Assasin's creed brotherhood

රාජ පාක්ෂික සෙබළුන්ට විරුද්ධව සටන් කලයුතු ක්‍රීඩාවකි.තුවක්කු,බෝම්බ යන ආදිය භාවිතයට ඉඩ සැලසෙන්නේ නැත.කඩු,කිනිසි යන ආයුද වලින් පමණක් සටන් කිරීමට ක්‍රීඩකයාට අවස්ථාව සැලසේ.සම මට්ටමේ්‍ ක්‍රීඩා හා සැසදු විට ඉතා මනරම් සහ ආකර්ශනීය විචිත්රක පසුබිම් මෙම ක්‍රීඩාවේ සුවිශේෂිව දක්නට ලැබේ 
UBISOFT සමාගමේ නිර්මාණයකි 

System Requirements:
OS: Windows XP (32-64 bits) / Windows Vista (32-64 bits) / Windows 7 (32-64 bits)
Processor: Intel Core 2 Duo E6700 2.6 GHz or AMD Athlon 64 X2 6000+ or better.
Memory: 1.5 GB Windows XP / 2 GB Windows Vista - Windows 7.
Graphics: NVIDIA GeForce 8800 GT.
DirectX: 9.0.
Hard Drive: 8 GB.
Developer: UBISOFT motreal




official trailer

https://www.youtube.com/watch?v=kfWbe3x2EoI





Call of duty MW3

මෙය CALL OF DUTY සමාගමෙහි MODERN WARFARE උප සන්නාමය යටතේ නිපදවන ලද තෙවන පරිගණක ක්‍රීඩාවයි.මෙය සමාගම් කිහිපයක් එකතුවී සාදන ලද ඉතාමත් ආකර්ශනීය විචිත්රක පසුබිම්
සහිත පරිගණක ක්‍රීඩාවකි. මෙහිදී ක්‍රීඩකයාට යුධමය තත්වයකට මුහුණදීමට සිදුවේ.

System Requirements
OS Version: Windows® XP/ Windows® Vista / Windows® 7.
Processor: Intel® Core™ 2 Duo E6600 or AMD Phenom™ X3 8750 processor or better.
Memory: 2 GB.
Graphics: Shader 3.0 or better 256 MB NVIDIA® GeForce™ 8600GT / ATI® Radeon™ X1950 or better.

Developers: Infinity ward
            Sledgehammer games
            Trayarch
            Raven software


official trailer

https://www.youtube.com/watch?v=coiTJbr9m04



 Need For Speed Carbon

මෙම පරිගණක ක්‍රීඩාව EA  සමාගම් කිහිපයක් හා ROVIO entertainment එක්වී සාදන ලද Car racing ක්‍රීඩාවකි.මෙය NFS Most Wanted ආකාරයේ  බ්ලැක්ලිස්ට් ක්‍රමයේ ක්‍රීඩාවකි.


System Requirements
Video Card: 256 MB with support for Pixel Shader 3.0.
OS: Windows XP (Service Pack 3) or Windows Vista (Service Pack 1) / Windows 7.
CPU: Intel Core 2 Duo 1.6 GHz or faster.
RAM: XP: 1 GB RAM; Vista/Windows 7: 1.5 GB RAM.
HDD: 6 GB free disk space.
Sound Card: DirectX 9 Compatible.

Developer:EA black box
          EA canada
          Rovio entertainment
          EA bright light
          Team fusion









official trailer

https://www.youtube.com/watch?v=krrTTkriMGw

Just cause

මෙම ක්‍රීඩාව Eidos interactive හා Avalanche studios සමාගම් මගින් නිපදවා ඇත.මෙහි ඉතාමත් ආකර්ශනීය විචිත්රක පසුබිම් සහිත පරිගණක ක්‍රීඩාවකි.

System Requirements
Video Card: 256 MB GeForce 8800.
OS: Windows Vista/7.
Processor: Dual-Core CPU (Athlon 64 X2 4200/Pentium D @ 3 GHz)
Memory: 2 GB.
Hard Drive: 10 GB Free.
Sound Card: DirectX Compatible.
DirectX 10.
Keyboard and Mouse.

Developer:Eidos interactive
          Avalanche studies



official trailer

https://www.youtube.com/watch?v=dgaz0xGhBJo

Thursday, January 19, 2017

Help To Choose Your Anti-Virus Software----Top 10 Virus Guards

ඔබ සමීප තාක්ෂණික ක්ෂේත්‍රයේ විවිද වර්ගීකරණයන් සහ පෙලගැස්වීම් ගැන පසුගිය ලිපි වලින් අප ඔබව දැනුවත් කලා..
මෙවරත් අප ඔබ වෙත ගෙන එන්නේ පරිගණක සදහා ප්‍රති වෛරස් මෘදුකාංග තෝරාගැනීමේදී හොද මට්ටමේ මෘදුකාංගයක් තෝරා ගැනීම සදහා ඔබට වැදගත් විය හැකි ලෝකයේ විවිද තාක්ෂණික වෙබ් අඩවි සහ විවිද ආයතන මගින් සිදුකල ප්‍රති-වෛරස් මෘදුකාංග (anti-virus software) වර්ගීකරණ කීපයක සාරාංශ කීපයක්...

Wolrd Best Top 10 Anti-Virus Softwares in 2016

virus guard තෝරාගැනීමේදී  ඔබගේ  පරිගණකයේ  තත්වය අනුව එය  තෝරා ගන්න..ඔබේ පරිගණකයේ processor speed එක සහ ram මතකයේ ප්‍රමාණය පිළිබද ඔබ සැලකිලිමත් විය යුතුමයි ..මන්දයත්  ඔබ කොතරම් හොද මට්ටමේ මෘදුකාංග තොරාගත්තත් ඔබගේ පරිගණකය එමගින් මන්දගාමී වීම හෝ නිසි ආකාරයට ක්‍රියාත්මක නොවේ නම් එයින් කිසිදු ප්‍රයෝජනයක් සිදුවන්නේ නෑ. .උදාහරණයක් ලෙස,ඔබගේ පරිගණකය pentium 4/DDR1 හෝ SD ram පවතින පරිගණයක් නම් ඔබ කොතරම් හොද මට්ටමේ වෛරස් ගාඩ් යෙදුවත් එයින් පලක් වෙන්නේ නෑ .හේතුව නම් සියලු වෛරස් ගාඩ් නිෂ්පාදනය වෙන්නේ  වර්තමානයේ  භාවිත වන සාමාන්‍ය මට්ටමේ පරිගණක සදහා බැවිනුයි ..ඔබ කොතරම් පැරණි පරිගනකයකට කෙසේ හෝ මෘදුකාංගය ඇතුලත් කලත් ඔබ අපේක්ෂා කරන කාර්යය එම මෘදුකාංගය ඉටු නොකරාවි...

විවිද ආයතන සහ විවිද වෙබ් අඩවි වල පෙලගැස්වීම් සසදන විට යම් මට්ටමක එකිනෙකට පරස්පර බවක් දකින්නට පුළුවන්.හේතුව ඔවුන් එම වර්ගීකරණයන් සිදු කරන්නේ විවිද නිර්ණායක අනුව වීමයි.එක ආයතනයක් වෛරස් වැඩසටහන් වැඩි ප්‍රමාණයකට ප්‍රතිරෝදී  වැඩසටහන් අනුව ඔවුන්ගේ ලැයිස්තුව සකස් කරද්දී තවත් පිරිසක් පරිගණකයේ වේගයෙන් ක්‍රියාත්මක වන පරිගණකයේ අනෙකුත් ක්‍රියාවන්ට බදා නොකරන වෛරස් ගාඩ් අනුව ඔවුන්ගේ ලැයිස්තුව පෙලගවිය හැකියි ..එසේ බැලුවිට එක් සමීක්ෂණයක ප්‍රථමයා වන මෘදුකාංගයක්   අනෙක් සමීක්ෂණයේ ප්‍රථමයා නොවෙන්නට හැකියි..එසේ වන විට ඔබ සැලකිලිමත්ව බැලිය යුත්තේ ඔවුන් එම සමීක්ෂණය සදහා පාදක කරගත් නිර්නායකයන් පිලිබදවයි.
නිසිලෙස පරිගණක ක්ෂේත්‍රය නොදන්නා, ඒ පිළිබද යාවත්කාලින නොවන ,සුළු දැනුමක් මහා සාගරයක් ලෙස හුවා දක්වන මුදල ඉපයීම මුලික කරගත්  පිරිස් ඔබව ඔවුන්ගේ වෙළද ගැට වලට හසු කරගැනීමට පෙර ඔබ දැනුවත්වීම වඩාත්ම යෝග්‍ය වනු ඇති...
..........................................................................................................................................................................................


ලොව ප්‍රසිද්ධ තාක්ෂනික වෙබ් අඩවියක් වන pcmug.com අඩවියට අනුව ප්‍රමුඛ පෙලේ ප්‍රති වෛරස් මෘදුකාංග වල ගුන මෙලෙස දක්වා තිබෙනවා.ඒ යටතට On-Demand Malware Scan,On-Access Malware Scan,Website Rating,Malicious URL Blocking,Phishing Protection,Behavior-Based Detection,Vulnerability Scan යන ගුණ පාදක කරගෙන තිබෙනවා .එය මෙසේයි ...


ඒ අනුව ඉහත ගුණාංග සියල්ල අත්කරගෙන තිබෙන ප්‍රති වෛරස් මෘදුකාංගය kasperskey internet security මෘදුකාංගයයි .


http://www.toptenreviews.com වෙබ් අඩවියට අනුව ප්‍රථම ස්ථානය bitdefender ලබා ගනිද්දී දෙවන ස්ථානය kasperskey දිනාගෙන තිබෙනවා .එහි සමීක්ෂණ ප්‍රතිපල මෙසේයි ..


මෙහිදී පළමු සහ දෙවන ස්ථාන ලබාගත් වෛරස් ගාඩ් දෙකටම වෛරස් හදුනාගැනීම සහ ඉවත්කිරීම යටතේ සමාන ලකුණු ප්‍රමාණයක් ලබාගෙන තිබෙන අතර අලෙවියෙන් පසු සේවාව සදහා bitdefender ,kasperskey,norton යන මෘදුකාංග සමාන ලකුණු ප්‍රමානයකුයි ලබාගෙන තිබෙන්නේ .

අපව අමතන්න 070 2 674 384
ලියන්න pentechtechnologies@gmail.com
පිවිසෙන්න www.twitter.com/pentechit
www.facebook.com/pentechit
www.pentechcom.blogspot.com


අපගේ මිලගණන් සහ නව යාවත්කාලීන කිරීම්,විශේෂ දීමනා නොමිලේම ඔබේ දුරකතනයට කෙටි පනිවිඩ මගින් ලබා ගැනීමට FOLLOW PENTECIT ලෙස සදහන් කර 40404 ට කෙටි පණිවිඩයක් යවන්න.

Thursday, July 28, 2016

පෙන් ඩ්‍රයිව් ---pen drive

USB තාක්ෂණය මතින් පරිගණක ලෝකයාට පැමිණි තවත් විශ්මයජනක නිෂ්පාදනයක් ලෙස පෙන් ඩ්‍රයිව් හදුන්වා දිය හැකියි...
මේ ලිපිය පෙන් ඩ්‍රයිව් නිෂ්පාදනය කරන ලොව ප්‍රමුඛ සමාගම් වල තාක්ෂණික මට්ටම් ඇගයීමට ලක් කරමින් මේ වසර තුල නිකුත් වූ විවිද වාර්තා පිලිබදවයි...

 මෙම ලිපියේදී අප ඔබට විවිද තාක්ෂණික වෙබ් අඩවි ,සංවිධාන, විකුණුම් ආයතන වල කල සමීක්ෂණ කීපයක සාරාංශ පිලිබදව අප ඔබව දනුවත් කරන්නට සුදානම්..
*******
**තාක්ෂණික ලොව පිළිගත් සමීක්ෂණ සිදු කරන http://www.thetoptens.com/වෙබ් අඩවිය 2016 වසර සදහා ලොව හොදම පෙන් ඩ්‍රයිව් තොරා ඇත්තේ මෙසේයි..
1 වන ස්ථානය -----
SanDisk
2 වන ස්ථානය -----
Kingston
3 වන ස්ථානය -----
Trancend
4 වන ස්ථානය -----
hp
5 වන ස්ථානය -----
sony
6 වන ස්ථානය -----
cosair
7 වන ස්ථානය -----
moser baer
8  වන ස්ථානය -----
imation
9  වන ස්ථානය -----
lexar
10  වන ස්ථානය -----
toshiba


මෙහි සදහන්  cosair,moser baer යන වෙළද නාමයන් සහිත පෙන් ඩ්‍රයිව් ලංකා වෙලදපොලේ සුලබ නොවන නමුත් අනිත් සියලු නාමයන් ඔබට ලබාගත හැකියි. 
පෙන් ඩ්‍රයිව් මිලදී ගැනීමේදී වෙළද නාමය පමණක් නිරීක්ෂණය කිරීමෙන් වැලකි අදාල සේවා සපයන ආයතනය විසින් ඔබට ලබාදෙන වගකීම් කාලය ගැනත් අතිශයින් සැලකිලිමත් වන්න.

ඉහත නිෂ්පාදන වල පෙන් සදහා ඔබට අවම වසයෙන් වසර තුනක වගකීම් කාලයක් ලබාදිය යුතුය....

වගකීම් කාලය පිළිබද පමණක් සැලකිල්ලට නොගෙන නිෂ්පාදනය සහිත ඇසුරුම මගිනුත් ඔබට යම් අදහසක් අදාල එම උපාංගය පිලිබදව අවබෝද කරගත හැකියි....




හොදම පෙන් ඩ්‍රයිව් වෙළද නාමයන් එසේ වුවත් යම් යම් තාක්ෂණික අගයන් පිළිබද සලකිලිමත් වී සකසන ලද වර්ගීකරණයන් මෙසේයි...මේ යටතේ සැලකිල්ලට ගෙන ඇත්තේ පෙන් ඩ්‍රයිව් සමාගම් විසින් නිකුත් කල ප්‍රධාන පෙලේ මොඩලයන්ය ....


මේ අනුව පළමු ස්ථානය Sandisk extreme ලබාගෙන තිබෙනවා. 



මේ සමීක්ෂණයේ තවදුරටත් සදහන් කරුණු අනුව හොදම පාරිබෝගික සේවා සපයන්නේ sandisk,lexar,trancend,adata සමාගම්...එය ඔබට වැදගත් වන්නේ ඔබට ලැබෙන වගකීම් කාලය සම්බන්ද කරුණු වලදියි ....

නිමැවුම සහ විශේෂාංග අනුව සැලකු විටත් sandisk , kingston ඉදිරියෙන්මයි ...
වේගය අනුව දෙවන ස්ථානය sandisk ලබා ගනිද්දී ප්‍රථම ස්ථානය lexar දිනාගෙන තිබෙනවා..

පෙන් ඩ්‍රයිව් වල තත්වය එසේ සටහන් වෙද්දී ආසියාවේ ප්‍රදාන රාජ්‍යක් වන අපේ අසල්වැසි ඉන්දියානු වෙලදපොලේ මේ වසරේ ජුනි මාසයට අදාල සමීක්ෂණ වලත් හොදම පෙන් ඩ්‍රයිව් පහෙන් හතරක් sandisk පෙන් ඩ්‍රයිව් වන අතර  අනෙක trancend...මුල් 10න් 8ක් sandisk...
ඉන්දියානු වෙළද පොළ එසේ වෙද්දී ඉන්දියාවේ වඩාත් ප්‍රසිද්ධ නමයත් sandisk...

 මේ ඔබට පෙන් ඩ්‍රයිව් වල ප්‍රමාණය තෝරාගැනීමට උදව් විය හැකි තවත් කරුණක් ...




*********
පෙන් ඩ්‍රයිව් සදහා හොදම මිල ඔබට ලබාගත හැක්කේ අපෙන් පමණයි ..




අපව අමතන්න 070 2 674 384

ලියන්න pentechtechnologies@gmail.com

පිවිසෙන්න www.twitter.com/pentechit
www.facebook.com/pentechit
www.pentechcom.blogspot.com

අපගේ මිලගණන් සහ නව යාවත්කාලීන කිරීම්,විශේෂ දීමනා නොමිලේම ඔබේ දුරකතනයට කෙටි පනිවිඩ මගින් ලබා ගැනීමට FOLLOW PENTECIT ලෙස සදහන් කර 40404 ට කෙටි පණිවිඩයක් යවන්න.

Monday, July 18, 2016

තාක්ෂණික සහ සන්නාම වර්ගීකරණය 2016 ----TOP BRANDS in the world

විවිධ කාරණාවන් සහ නියමයන් පදනම් කරගනිමින් වාර්ෂිකව සහ මාසිකව හෝ දිනපතා ලෝකය පුරා විවිධ මට්ටම් වල විවිධ ක්ෂේත්‍ර තුල බොහෝ සමීක්ෂණ සිදුවන බව ඔබ දන්නවා ඇති...
මේ ලිපිය 2016 වසරේ දැනට ඉහලම මට්ටම් වල පවතින සන්නාම පිලිබදවයි...
තාක්ෂණික සහ සන්නාම වර්ගීකරණය 2016 

2016 වසර තුල දැනට තාක්ෂණික,ඉදිකිරීම්,ප්‍රවාහනය,මාද්‍ය,අන්තර්ජාල සේවා ,අහාර යනාදී බොහෝ අංශ සියල්ල එකම නිර්ණායක අනුව සලකා බැලූ විට පෙරමුණ ගෙන ඉහලම ස්ථාන පහ අතර ස්ථාන 4ක් ලබාගැනීමට ලෝකයේ තාක්ෂණික සමාගම් හතරක් සමත්වී තිබෙනවා.

මේ අනුව පළමු ස්ථානය ලබාගන්නා සන්නාමය ඩොලර් බිලියන 154ක වටිනාකමක් සහිත ඇපල් සමාගමයි
දෙවන ස්ථානය ඩොලර් බිලියන 82.5ක සන්නාම වටිනාකමක් සහිත google සමාගම ලබාගෙන තිබෙනවා 
ඩොලර් බිලියන 75.2ක වටිනාකමක් ලබා ගනිමින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිපදවන microsoft සමගම ලබාගනිද්දී,
coca-cola සන්නාමය ඩොලර් බිලියන 58.5කට අගය කරමින් හතරවන ස්ථානයටත්,
 ඩොලර් බිලියන 52.6ක් ලෙස ෆේස්බුක් සන්නාමය ලොව හොදම සන්නාම අතර පස්වන තැනටත් පත්ව තිබෙනවා 

තාක්ෂණික ක්ෂේත්‍රය තුල සන්නාම වලට අදාල ස්ථාන මෙසේයි..





මේ දැක්වෙන්නේ වාහන නිෂ්පාදනය කරන සමාගම් ලෝක සන්නාම වටිනාකම් අතර ලබාගෙන තිබෙන ස්ථානයන්ය







උපුටා ගැනීම ෆොර්බ්ස් සගරාවෙනි 

Welcome to all

ප්‍රථමයෙන් අපව සොයාගෙන මෙම බ්ලොග් අඩවියට පැමිණි ඔබ හදබැතින් පිළිගනිමු...

නවමු තාක්ෂණික මානයන් සොයාගොස් මුලාව වෙනුවට ඔබට නිවැරදිම දැනුම සමග හොදම දේ ලබා දීම අපේ අරමුණ හා දැක්ම බව ප්‍රථමයෙන් සදහන් කල යුතුයි...
2016 ජූලි මස 21 වනදා සිට ඇරබෙන අපගේ නව ව්‍යාපාරය හරහා ඔබට සියලු පරිගණක ආශ්‍රිත තාක්ෂණික සේවා,උපාංග සහ තාක්ෂණික දැනුම ඉතාමත් විස්වාසනියව පහසු මිලට නිවැරදිම මග පෙන්වීම සමග ලබාගත හැකි බවත් සතුටින් දන්වා සිටිමු..
වර්ථමානය වනවිට තාක්ෂණික ක්ෂේත්‍රය තුල බොහෝ පිරිසක් සේවා සැපයීමේ සහ අලෙවිකරණ ක්ෂේත්‍රය තුල නියෙලි සිටියත් නිවැරදි මග පෙන්වීමක් හෝ නිවැරදි දැනුමක් අදාල සේවා හෝ උපාංග සපයන්නා විසින් තම පාරිභෝගිකයා වෙත ඉතා හොදින් සම්ප්‍රේෂණය කරන ප්‍රමාණය මද බව ඔබ ඉතා හොදින් අත්දැක ඇතැයි අපි තදින් විස්වාස කරන්නෙමු ...
 තාක්ෂණික දැනුම අඩු  මට්ටමක පැවතීම නිසා තුන්වෙනි ලෝකයේ රටවල් වල මිනිසුන්ගේ ඩොලර් මිලියන ගණනක්, සේවා සපයන විවිධ ආයතන හරහා නාස්ති වන බව ඔබ පසුගිය කාලයේ දැනගන්නට ඇති...
ඉතින් නිවැරදිම තාක්ෂණික දැනුම සහ නිවැරදිම දේ ඔබට නිවැරදිම ආකාරයට සැපයීමට අප බැදී සිටින බව ඔබට පවසන්නේ ඉමහත් සතුටකින්..
අප අපේ ව්‍යාපාරය තුල ඉපයීම් ලෙස මුල්‍යමය අගයන් පමණක් නොව ඉදිරියේදී  අපගේ පාරිභෝගිකයන් වන ඔබට සපයන සේවාවද ,ඔබද අපගේ වත්කම් වල ඉහලම ස්ථානයක අප මුල සිටම රදවා ගන්නා බවටත් සතුටින් දන්වා සිටිමු..
අප ක්ෂේත්‍රය තුල දැනට සිටින කිසිවෙකු සමග මුල්‍යමය තරගයක නිරතවීමට වඩා ගුණාත්මක සේවා සැපයීම තුල සහ නිවැරදි දේ පාරිභෝගිකයන් අතට පත්කිරීම තුල පාරිභෝගිකයා ක්ෂේත්‍රය තුල තෘප්තිමත් කිරීම තුල තරගයකට එළබෙන බවට මතක් කල යුතුමයි.

ඉතින්,   එන්න,   සැරිසරන්න,  සසදන්න,  වෙනස වටහා ගන්න




අපව අමතන්න    070 2 674 384
ලියන්න             pentechtechnologies@gmail.com
පිවිසෙන්න         www.twitter.com/pentechit
                          www.facebook.com/pentechit
                          www.pentechcom.blogspot.com

අපගේ මිලගණන් සහ නව යාවත්කාලීන කිරීම්,විශේෂ දීමනා නොමිලේම ඔබේ දුරකතනයට කෙටි පනිවිඩ මගින් ලබා ගැනීමට FOLLOW PENTECHIT ලෙස සදහන් කර 40404 ට කෙටි පණිවිඩයක් යවන්න.